Colombo Today Local News

අරලියගහ මැදුරට ඇතුළු වී කලහකාරිව හැසිරුණු තවත් දෙදෙනෙක් අල්ලයි

අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අරලියගහ මන්දිරය වෙත ඉකුත් ජූලි මස 9 වැනි දින ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු 34 වන වත්තල හේකිත්ත පදිංචිකාරියකි.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හේකිත්ත ප්‍රදේශයේදී හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේදීය.

Related posts

මහ ජනගග ඉදිරියේ මහින්දගෙන් ප්‍රතිඥාවක් !

colombotoday

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

colombotoday

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Admin

ගීතාට මන්ත්‍රීකම් බෑ – නීතිපති දන්වයි

colombotoday

මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑ

colombotoday

‘පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ කරන්න… සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ’

Admin