Colombo Today Local News

සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 – 2019 අතර කාලයේදී රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට 2017 වර්ෂයේදී මුරකරුවන් 2250 දෙනකු බඳවා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමුවි ඇත.

පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ස්ථාවර තැන්පතු වලින් මුදා හැරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු වූ බව කෝප් කමිටුව පවසයි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (24)දින රැස්විය.

මේ කරුණු අනාවරණය වී ඇත්තේ එම රැස්වීමේදීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2018-2019 අතර කාලයේදී සියයට 100 කින් වැඩි වී තිබූ බවටත් වැඩි මුදල් ප්‍රමාණයක් ආදායම් උත්පාදනය වන ව්‍යාපෘතිවලට වඩා දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් වැය කර ඇති බවටත් එහිදී තොරතුරු අනාවරණය වි ඇත.

සේවක වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් වැය කර ඇතැයිද එහිදී සඳහන් වි ඇත.

ආදාහන පූජෝත්සව 21 සඳහා රුපියල් කෝටි ගණනක්ද වෙනත් ව්‍යාපෘති 368 කට රුපියල් ලක්ෂ 30 බැගින්ද වැය කර ඇතැයි මෙහිදී අනාවරණය වී තිබේ.

Related posts

ඉහළ කාර්යසාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන 65කට සම්මාන

Admin

අත්අඩංගුවට නොගන්නැයි ජොනීගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

එදා නරක අද හොද පෝට් සිටී නැවත ඇරඹේ

colombotoday

මෙවර යල කන්නයේ වී කිලෝවකට උපරිම මිලක්

colombotoday

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

මගේ කජු කෑම නවත්තලා රටට කෝටි120ක් ඉතිරි කලා

Admin