Colombo Today Local News

දුම්රිය දෙපාර්තමේන්තු හිඟ සේවක පුරප්පාඩුව තවදුරටත්… දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ

සිය දෙපාර්තමේන්තුවේ හිඟ සේවක පුරප්පාඩු පිරවීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සේවක අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැත්, ඊට මෙතෙක් අනුමැතිය ලැබී නොමැතිවීම හේතුවෙන්, විශ්‍රාමිකයින් යළි සේවයට කැඳවා ගැනීම ගැටලුවක් වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් විශ්‍රාමික පුහුණුව ලත් තාක්ෂණික ශිල්පීන්, රියදුරන් සහ නියාමකයින් ඇතුළු පිරිස් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මීට පෙර ඉල්ලා සිටි බවයි.

ඊට මෙතෙක් අනුමැතිය ලැබී නොමැති අතර එම තත්ත්වය තුළ දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා එල්ල වෙමින් ඇතැයි ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ 8,000 කට අධික සේවක හිඟයක් වාර්තා වන අතර සියලු මාර්ගවල දුම්රිය කාලසටහන් සංශෝධනයට පියවර ගෙන තිබේ.

අඛණ්ඩව වාර්තා වන දුම්රිය ප්‍රමාදය අවම කිරීම වෙනුවෙන් එම සංශෝධන සිදු කිරීමට නියමිතය.

සංශෝධිත නව කාලසටහන් ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

තෝර මාළු හපන්න බෑ ගල් වගේ, බස්නාහිර සභාවේ කෑම සවුත්තුයි – මන්ත්‍රීන්ගෙන් මැසිවිලි

colombotoday

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

කර්නල්ට උපහාර දැක්වීම හෙළා දකිනවා.. කොටි සාමාජිකයන්ට කළ ද්‍රෝහිකමක් – ශිවාජිලිංගම් කියයි

colombotoday

පාර්ලිමේන්තුවෙන් එළියට විසි උණු රන්ජන්ගේ පුටුවට අජිත් ?

colombotoday

ජනපතිගේ තත්ත්වය ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් !

colombotoday

ඥානසාර හිමිගේ පැමිණිල්ලට බන්දුලගෙන් කමිටුවක්

colombotoday