Colombo Today Local News

ලබන මාසයේ සිට ආහාර අඩු වැඩි නිවෙස් හඳුනා ගන්න ඇප් එකක්

ලබන මාසයේ සිට සෑම නිවසක්ම ඉලක්ක කරගනිමින් පෝෂණය සහ ආහාර සුලබතාව සම්බන්ධයෙන් දත්ත රැස් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවැසුවාය.

ආහාර හිඟතාව සහ ආහාර සුලබතාව පිළිබඳව නිවෙස්වලින් දත්ත රැස් කිරීම සඳහා යෙදවුමක් (ඇප්) ජනාධිපති කාර්යාලය විසින් නිර්මාණය කර ඇති අතර එමගින් ආහාර අඩු නිවෙස් සහ සුලබ නිවෙස් හඳුනා ගැනීමට කටයුතු කරනු ලබයි.

එසේම මන්ද පෝෂණයෙන් පෙළෙන ළමයින් සම්බන්ධයෙන් සහ ගර්භණි මාතාවන් සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කිරීමද මෙමගින් සිදු කරනු ලබයි.

ආහාර හිඟ නිවෙස් සම්බන්ධව එකතුකර ගනු ලබන දත්ත විශ්ලේෂණය කරමින් එම නිවෙස්වලට අවශ්‍ය ආහාර ඉදිරියේදි ලබා දීමටද කටයුතු කරනු ලබයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම දත්ත එකතු කිරීම සිදුකරනු ලබන අතර එම දත්ත නිරීක්ෂණය කිරීම සිදුකරනු ලබන්නේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ය.

ඔවුන්ගේ නිරීක්ෂණවලට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අදාළ නිවෙස්වලට අහාර බෙදාහැරීම් සිදු කිරීමට නියමිතය. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වෛද්‍ය රේණුකා ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related posts

අධිකරණ තීන්දුවෙන් පසු…

colombotoday

මුජිබුර් රහුමාන් මන්ත්‍රී අසුනේ ෆවුසි දිවුරුම් දෙයි

Admin

විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා..

colombotoday

Online පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin

බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි – රාමාඤ්ඤ මහා සංඝ සභාව

colombotoday

භික්ෂූ මර්ධනයට එරෙහිව සංඝ සම්මේලනයක්

colombotoday