World

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

විදුලිය ඇනහිටීම් හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් ද අක්‍රීය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ශීත සෘතුව ආරම්භවීමත් සමග රුසියාව විසින් යුක්‍රේනයේ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම ප්‍රහාර තිව්‍ර කර ඇති අතර මෙමගින් එරට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.

රට පුරා බලශක්ති මධ්‍යස්ථාන අඩකට වැඩි සංඛ්‍යාවක් අලුත්වැඩියා කිරීමට සිදුව ඇති බව ද නිව්යෝර්කි හී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළේය.

Related posts

කොරෝනා අස්සේ උතුරු කොරියාව යලිත් මිසයිල යවති

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දීය තබ්ලික් ජමාත් සාමාජිකයෙකු උගුර කපාගෙන සියදිවි නසාගෙන.

colombotoday

ඉරානයෙන් 90%ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ කල 4 ක් ලන්ඩනයේදී අත්අඩංගුවට

colombotoday