Colombo Today Sports News

චාමිකට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් සමග සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ වසරක් තහනම්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් යළිත් සිදුකළ හොත් මෙම දඬුවම ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ අතර අත්හිටවූ තරඟ තහනමට අමතරව චාමික කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Related posts

ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගය අද

Admin

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Admin

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩාංගන දෙකකදී

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වෙයි

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා ඇමතිට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

colombotoday