Colombo Today Local News

මෝදර නිවසක මත් කරල් ගබඩාවක් වටලයි

මෝදර පොලිස් වසමේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මත් කරල් 78,600ක් සොයා ගෙන තිබේ.

ඊයේ (21)දින සිදුකර ඇති එක් වැටලීමක දී මත් කරල් 4,800ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී තවත් මත් කරල් 73,800ක් සොයා ගෙන තිබේ.

සැකකරු කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී එම මත් කරල් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, 47 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (22)දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අගමැති ඉවත් වෙන්නෑ.. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියටම යනවා – ලාල් විජේනායක

colombotoday

වාහන හිඟා කෑමේ අදහසක් තිබුණේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday

බලය බෙදීම ගැන ජනාධිපතිවරයාගේ අභියෝගය මහජන රාජ්‍ය සභාව භාර ගනී

colombotoday

රාජ්‍ය වෛද්‍ය නිලදාරින්ගේ සභාපති දැඩි සත්කාරේ

colombotoday

පොල් මද ආනයනට අවසර?

Admin

ගෝඨාව කොහොම හරි හිරකරන්න, එජාප සැළසුම්.. ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය ! ආණ්ඩුව මතගැටුමක

colombotoday