Colombo Today Local News

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2005 වර්ෂයේදී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර 15 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එම ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බව සඳහන් ය.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරනු ලබන කමිටුවක් මගින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (21)දින රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

colombotoday

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Admin

නියගයෙන් උ/නැගෙනහිර ජනතාවට දැඩි පීඩා.. සහන සැලසීමට රජය වහාම කටයුතු කළ යුතුයි..

colombotoday

අත්අඩංගුවට ගත් ඊ නිව්ස් කීර්ති රත්නායක ගුවන් හමුදාවෙන් පන්නා දැමූ හොරෙක්

colombotoday

ගොවීන් 60%කට පොහොර සහනාධාරය කැපේ !

colombotoday

පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීමෙන් ගොවියාට අසාධාණයක් නෑ – රතන හිමි

colombotoday