Colombo Today Local News

චන්ද්‍රිකා – මහින්ද අමරවීර, සියඹලාපිටිය, අලගියවන්න ඇතුළු 8කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත.

ඒ අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා (21) සවස රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

එම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් එතෙක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මීට අමතරව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු පත්කර ඇතැයිද ඔහු කීය.

Related posts

මැනිං වෙළඳපොළ පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ලට

colombotoday

අද උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක – අව් රශ්මියෙන් වැළකෙන්න සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

Admin

ඊයේ හමුවු කොවිඩ් ආසාදිතයින්

colombotoday

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වෙයි

Admin

යහපාලන අලුත් රටේ සිංහලයන්ට නැගෙනහිර තහනම්.. රට බෙදන ව්‍යවස්ථා අවමගුල පරදවමු !

colombotoday