Colombo Today Local News

ගෙදර දෝෂ යවන්න ලක්ෂ ගණන් හොරුන්ට දෙන්න එපා – පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

ව්‍යාජ ලෙස සකස්කළ රන් ආලේපිත පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ සිද්ධියකට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයින් සියඹලාගස්වැව ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව එම නිවසේ දෝෂ මගහරවා ගැනීමට රනින් නිම කරන ලද පක්ෂියෙකුගේ අනුරුවක් නිවසේ තැන්පත් කරන ලෙසට පවසා ඇත.

ඒ අනුව නිවැසියාගෙන් ලක්ෂ 06ක මුදලක් අවශ්‍ය බව පවසා ලක්ෂ 03ක මුදලක් ලබාගැනීමෙන් අනතුරුව රන් ආලේපිත අනුරුවක් ලබාදී තිබේ.

නිවැසියන් පසුව එම පක්ෂියාගේ අනුරුව රන් භාණ්ඩ වෙළෙඳසැලකින් පරීක්ෂා කිරීමක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එය ව්‍යාජ රන් ආලේපිත අනුරුවක් බවයි.

ඒ අනුව නිවැසියන් විසින් මධ්‍යම කඳවුර පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 32,46 යන වයස්වල පසුවන තිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මුදල් ලබාගැනීමේ අරමුණින් සිදුකරන මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසුනොවන ලෙසටය.

Related posts

විනාශ කල බුවනෙකබා රාජසභා මණ්ඩපයට ඇතුළුවීම තහනම්. අධිකරණයෙන් නීතිපති නියෝගයක් ගනියි.

colombotoday

ලොකුගේ කණ පැලෙන්න දෙයි.. මරික්කාර් පොඩි ළමයෙක් වගේ දුවයි (Video)

colombotoday

ප්‍රමාණවත් කරුණු නැතිකමින් රංජන්ගේ කොකේන් නඩුව අවසන් වෙයි

colombotoday

නිරෝධායන නීති කැඩු ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

අවම බස් ගාස්තුව රු.34 දක්වා පහළට

colombotoday

මාතලේ වැඩිම මනාප ජනක බණ්ඩාරට

colombotoday