Colombo Today Local News

සිංහරාජ සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300ක් ‍රජයට පවරා ගැනීමට පියවර

ලෝක උරුම සිංහරාජ වනාන්තර සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300 ක් ඉඩම් අමාත්‍යංශය හරහා රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අක්කර 8,000 ක වපසරියක භූමියක් මේ යටතේ වනාන්තරකරණයට ලක් කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සිංහරාජ වනාන්තරය පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙක්ටෙයාර් 35,000 ක් වපසරියක් සිංහරාජ වනාන්තරයට අයත්වන ලෙස ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළේ ය.

ඒ යටතේ මෙම පෞද්ගලික ඉඩම් වනන්තාරයට ඇතුළත් වූ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මැනුම් කටයුතුවලින් අනතුරුව අදියර කිහිපයක් යටතේ එම ඉඩම්වලට වන්දි ලබාදීමට කටයුතු කරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ගෝඨාභය රාජපක්ෂට මුළු රටම බයයි. ඒ නිසා සජිත් දිනනවා. – අජිත් පී පෙරේරා කියයි

colombotoday

සිනමා ශාලා වසාදැමේ

colombotoday

අපේ උන් ආපු ගමන් කෙලගෙන කෙලගෙන ගියා.. අපේ උන් හොරකම් කරා.. ඒක තමයි ඇත්ත – රන්ජන්

colombotoday

ඇරියස් වාහන බලෙන් උස්සන්න බැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න- රනිල්

colombotoday

20 සම්මත කරන්න තුනෙන් දෙක ඕන – ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

colombotoday