World

ලෝක ජනගහනය බිලියන අට පසු කරයි… බිලියන අට වැනි බිලිඳිය පිලිපීනයේදී මෙලොව එළිය දකී

ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කර තිබේ.

බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය පවසයි.

දරු උපත සිදුවී ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවර බව ද පැවැසෙයි.

ලෝක ජනගහනය බිලියන හතේ සිට බිලියන අට පසු කිරීමට ගත වී ඇත්තේ වයස 11 ක් යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

ලෝක ජනගහනය බිලියන 9 සීමාව පසු කිරීම ඉදිරි වසර 15 ඇතුළත සිදුවනු ඇති බවත්, බිලියන 10 සීමාව පසු කිරීම 2080 වසරේ දී සිදුවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ වනවිට ලොව වැඩිම ජනහනයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ, චීනය දෙවැනි ස්ථානයට පත් කරමිණි.

Related posts

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday

යුක්‍රේනයේ කියෙව් අගනුවර පිපිරීම්

Admin

අමෙරිකාවේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 4 ක් මරුට

Admin

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

colombotoday

ඡන්ද ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday