කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව මෙම ජල කප්පාදුව අනිද්දා (16) දිනයේ දී පෙරවරු 8.30 සිට පසුදා (17) පෙරවරු 8.30 දක්වා පැය 24ක කාලයක් සිදු කෙරෙනු ඇති.
ජල සැපයුම මෙම කාලය තුළ අත් හිටවන ප්‍රදේශ වන්නේ වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ) කටුකුරුන්ද/ නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත නම්කර තිබේ.