World

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක පැතිරෙන බැක්ටීරියා රෝගයක් ගැන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම බැක්ටීරියාව හැඳින්වෙන්නේ ලිස්ටීරියා (Listeria) යනුවෙනි.

පසුගිය දිනවල මෙය ආසාදනය වූවන් එරට ප්‍රාන්ත හයකින් වාර්තා වී තිබිණි. ඒ කැලිෆෝනියා, ඉලිනෝයි, මේරිලන්ඩ්, නිව් ජර්සි, මැසචුසෙට්ස් සහ නිව්යෝක්ය. මේ වනවිට ආසාදිතයන් 16 දෙනෙකු වාර්තා වී ඇති අතර මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආසාදිතයකු මරණයට පත්ව තිබිණි. 13 දෙනෙකු රෝහල්ගත කිරීමට සිදුව ඇති බවද සඳහන් වේ.

බැක්ටීරියාව පැතිරෙන්නේ කවුන්ටර හරහා අලෙවි කරන මස් හෝ චීස්වලින් විය හැකි බව එරට රෝග පාලනය පිළිබඳ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

ආසාදිතයන් වැඩි දෙනෙකු නැගෙනහිර යුරෝපීය සම්භවයක් ඇති අය බවද සඳහන්ය.

ලිස්ටීරියා බැක්ටීරියාවෙන් වැළඳෙන මෙම රෝගය හඳුන්වනු ලබන්නේ ලිස්ටීරියෝසිස් (Listeriosis) යනුවෙනි. එය බොහෝ විට වැළඳෙන්නේ නරක් වූ ආහාර අනුභවයෙනි. ශීතකරණවල තිබෙන ආහාර මත වුවද ලිස්ටීරියා බැක්ටීරියාව වර්ධනය වියහැකි බව විශේෂඥයෝ පවසති.

ගර්භණී කාන්තාවන්, මහළු පුද්ගලයන් සහ දුර්වල ප්‍රතිශක්තියෙන් යුතු පුද්ගලයන් පහසුවෙන් මෙයට ගොදුරු විය හැකිය. උණ, මානසික ව්‍යාකූල බව, දැඩි තෙහෙට්ටුව සහ මාංශ පේශිවල වේදනාව ආදිය මෙහි රෝග ලක්‍ෂණ ලෙස සඳහන් වේ.

Related posts

ඩ්‍රෝනා ප්‍රහාරයකින් අල්කයිඩා නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරේ

colombotoday

වසර 2,200ක් පැරණි බුදු පිළිම ද්විත්වයක් හමුවෙයි

colombotoday

ඉස්ලාම් අත්හල සෞදි තරුණිය ට්වීටර් පිහිටෙන් දිවි බේරාගත් හැටි….

colombotoday

කොරෝනා කොරෝනා මුසුවෙයි | වියට්නාමයෙන් තවත් නව කොරෝනාවක්

colombotoday

කොවිඩ් -19 මුස්ලිම් ලෝකයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. එවැනි වෛරසයක් නෑ. | නඩුවක් දැමූ අසාර් අබ්බාස්ට දඩ.

colombotoday

ISIS කාර් බෝම්බ ප්‍රහාරයකින් සිරියාවේ 60 ක් මරුට – 80 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

colombotoday