ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ ප්‍රාන්තයේ අද (10) උදෑසන භූමි කම්පාවක් හටගෙන තිබේ.
අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ බටහිර සියෑන්ග් දිස්ත්‍රික්කයට ඇති වූ මෙම භූමි කම්පාව රික්ටර් මාපකයේ 5.7 ක අගයක් ගෙන ඇත.
සියෑන්ග් දිස්ත්‍රික්කයේ අද(10) උදෑසන 10.31 ට පමණ ඇති වූ මෙම භූමි කම්පාව පොළවේ සිට කිලෝ මීටර 10 ගැඹුරින් හට ගෙන ඇත.
තවමත් භූමි කම්පාව හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් වී නොමැත.