Colombo Today Local News

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ පත් කෙරෙති

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් නොවැ. 11 වන දා වැඩ භාර ගැනීමට නියමිත ය.

ඒ අනුව, එකොළොස් වන අටමස්ථානාධිපති නාහිමියන් ලෙස උන්වහන්සේ එදින පෙරවරු 7.00ට සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත ය.

හිටපු අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධූරය සදහා අටමස්ථාන කාරක සභාව විසින් අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පත් කිරීමට ගන්නා ලද ඒකමතික තීරණයකට අනුව අටමස්ථානාධිපති ධූරය සදහා උන්වහන්සේ පත් කර ඇත.

ජය ශ්‍රී මහා බෝධියේ උතුරු වාහල්කඩ දොරටුව අභියසදී අනුරාධපුර අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලංකුලම මල්වට්ටියක් පූජා කර උන්වහන්සේ වෙත පිළිගැන්වීමෙන් පසු අභිනව අටමස්ථානාධිපති නාහිමියන් බෝ සමිඳුන් වන්දනා කර ආගමික වතාවත්හි නි‍රතව ආශීර්වාද ලබා ගැනීමට නියමිත ය.

අනතුරුව අභිනව අටමස්ථානාධිපති නාහිමියන් සිය ධූරයට පත්වීම සංකේතවත් කරමින් ජය ශ්‍රී මහා බෝධිය පහළ මළුවේ බෝ පැළයක් රෝපණය කිරීමට නියමිත අතර ඉන්පසු උන්වහන්සේ බෝ මළුව විහාරස්ථානයේදී සිය ධූරයේ වැඩ භාර ගැනීම සිදු කෙරෙනු ඇත.

එහිදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් ජය ශ්‍රී මහා බෝධියේ බෝ අංකූරයක් අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයකට ප්‍රදානය කිරීම සිදු කිරීමට නියමිත ය.

Related posts

කොරෝනා වෛරසයට මුහුණ දෙන්න ගතයුතු ආහාර | ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

colombotoday

රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම් !!

colombotoday

බැදුම්කර බෑණා සමග ගනුදෙනු කළ කෝප් කමිටු සාමාජිකයන් හෙළිවෙයි !

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි !

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

colombotoday

ඥානසාර හිමි සිරගත කිරීමට එරෙහිව කොරියාවේ උද්ඝෝෂණ රැල්ලක් සැම්සුන් සේවකයන්ගෙන් ඇරඹේ

colombotoday