World

උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයි

උතුරු කොරියාව අධි බලැති මිසයිල 17 එකවර අත්හදා බලා ඇති අතර ඉන් එක් මිසයිලයක් දකුණු කොරියාවේ වෙරළට කිලෝ මීටර 60 කටත් වඩා අඩු දුරකින් පතිත වී තිබේ.

ඒ සමගම දකුණු කොරියාවේ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ නලා ක්‍රියාත්මක වී ඇති අතර ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියානු යුද ගුවන් යානා අහසේ සිට ගොඩබිමට එල්ල කරන මිසයිල තුනක් උතුරු කොරියානු මුහුද දෙසට එල්ල කර ඇත.උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් දකුණු කොරියානු මුහුද ආසන්නයේ පතිත වූ ප්‍රථම අවස්ථාවද මෙය යැයිද පැවසේ.එසේම දිනකදී උතුරු කොරියාව අත්හදා බැලූ වැඩිම මිසයිල සංඛ්‍යාව මෙය බවද පැවසේ.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් උතුරු ක්‍රියාවේ ප්‍රකෝපකාරී ක්‍රියාවට පිළිතුරු දෙන බවට ප්‍රකාශයක් කිරීමත් සමග දකුණු කොරියානු යුද ගුවන් යානා මෙම මිසයිල ප්‍රහාරය දියත් කර ඇත.

Related posts

ටෙක්සාස්හි වෙඩිතැබීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට

colombotoday

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

colombotoday

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් ප්‍රතිඥාවක්

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

සුවය ලබා සිටි කොරෝනා රෝගියෙකුට මාස 4කට පසු නැවත කොරෝනා වැළඳෙයි

colombotoday

අධිචෝදනා 37ක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුව විභාගය අද

Admin