Colombo Today Local News

රාජ්‍ය මර්දනයට එරෙහිව ඒකාබද්ධ විරෝධය අද : විරෝධයට ජවිපෙ එන්නෙ නැහැ

වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් අද (2)දින කොළඹදී පැවැත්වේ.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් හෙට සවස 3.00ට මෙම විරෝධතා පා ගමන ආරම්භ වන අතර එය අවසානයේ රැලියක් පැවැත්වීමට නියමිත ය.

‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් සංවිධානය කර ඇති මෙම විරෝධතාවට තරුණ නීතිඥයන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් සහය පළ කරන බව එහි සංවිධායකයෝ පවසති.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජාතික සභාව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් ම මෙම විරෝධයට සහභාගි වන නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට සම්බන්ධ වන්නේ නැත.

Related posts

ස්වාමීන්වහන්සේලා අධිකරණයට ඉදිරිපත් වෙයි… අදම නඩු විභාගය කැදවයි….

colombotoday

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

colombotoday

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලකට විකිණීම නියාමනයට ඇමතිගෙන් උපදෙස්

Admin

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

colombotoday