Colombo Today Local News

ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර මහ කන්නයේ දී වගා කිරීමට සැලසුම් කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 814,678කි. එම ප්‍රමාණය වගා කිරීමට යෝජිත සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 100කි.

2022/23 මහ කන්නය සඳහා වගා ණය නිකුත් කිරීම සංකේතවත් කරමින් කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් වගා ණය නිකුත් කිරීම නෙටොල්පිටිය ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි. එහි දී වගා ණය ලාභී ගොවීන් 11කට අමාත්‍යවරයා අතින් රුපියල් 50,000ක් බැගින් නිකුත් කරනු ලැබීය.

මෙම වගා ණය නිකුත් කිරීම ගොවිජන බැංකු නියමු ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.

මේ වසරේදී වගා කටයුතු සඳහා ගොවි බැංකු විසින් රුපියල් මිලියන 7124ක් ගොවීන් 207,103 දෙනෙකුට නිකුත් කර තිබේ.

Related posts

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday

20 සම්මත කිරීම ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි

colombotoday

රත්නපුරේ බේකරියක පිපිරීමක්

colombotoday

ටින් මාළු – පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී

colombotoday

වසර 5ක් තුල මන්ත්‍රීවරයෙක් ලෙස රු. තිස්කෝටි හැට දෙලක්‍ෂයක් උපයාගෙන. සජින් ද වාස්ට අධිචෝදනා භාරදෙයි

colombotoday

මොරගහකන්ද මහින්ද චින්තන ව්‍යාපෘතියක්.. මෛත්‍රීත් බොහෝ මහන්සි වුණා – හිටපු ජනපති

colombotoday