World

කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්

යුක්‍රේනයේ කියෙව් අගනුවර ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමෙන් පසු අවම වශයෙන් පිපිරීම් තුනක්වත් ඇසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් එක් පිපිරීම් හඬක් නගර මධ්‍යයට ආසන්නව ඇසුණු බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ.

පසුගිය සතියේ රුසියානු මිසයිල යුක්‍රේනයේ ස්ථාන කිහිපයකට එල්ල කිරීමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මිසයිල එල්ල කිරීම පිළිබඳව පවසා තිබුණේ ක්‍රිමියාවට සම්බන්ධ කරන ප්‍රධාන පාලමකට යුක්‍රේනය බෝම්බ හෙලීමට පළිගැනීමක් ලෙස කළ එකක් බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, යුද්ධය අතරතුර කියෙව් සෘජුවම ඉලක්ක කළ පළමු අවස්ථාව මෙය බවයි.

බොහෝ නම් කරන ලද ඉලක්කවලට පහර දී ඇති බවත්, රට විනාශ කිරීම තම අරමුණ නොවන බවත් රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළියට

colombotoday

සිරියාව වෙනුවෙන් ලන්ඩනයේ උමං දුම්රියපලක ත්‍රස්ත ප්‍රහාරයක් – Video

colombotoday

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

colombotoday

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday

හින්දු දේවතාවන්ට අපහාස කල මුස්ලිම් විකට නළුවෙකුට ඇප නැති වෙයි.

colombotoday

ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්

colombotoday