Colombo Today Local News

මහියංගනය, මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

මහියංගනය, මාපාකඩ වැවේ ගිලීමෙන් වෛද්‍යවරයෙකු මියගොස් තිබේ.

මහියංගනය හා කරවනැල්ල රෝහල්වල වෛද්‍යවරුන් දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපාකඩ වැවේ දිය නාමින් සිටියදී එක් අයෙකු දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් විසින් ඔහු මුදාගෙන මහියංගනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ, දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මහියංගනය රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි.

Related posts

ලසන්ත ඝාතනයට චෝදනා එල්ලවූ හමුදා බුද්ධි අංශයේ “උදලාගම” ඇප මත නිදහස්

colombotoday

නිරෝධායන නීති නොතිබුණ ද සංචරණය සීමා කරන්න – පොලීසිය

colombotoday

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත්ගේ පැටිකිරිය එලියට

colombotoday

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටෙයි

Admin