World

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මනුෂ්‍ය බිලි පූජාවක් සිදු කිරීමට කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලිසිය පවසන්නේ ඝාතනයට සම්බන්ධ යුවළක් සහ තවත් පුද්ගලයෙක් සිටින බවයි.

මෙම කාන්තාවන් දෙදෙනා ඝාතනය කිරීමට පෙර දැඩි වධ හිංසා ලබා දී ඇති බවද එරට පොලිසිය සඳහන් කරයි.

මෙම අපරාධය පිළිබඳව ඝාතකයන් විසින් පාපොච්චාරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ඝාතන මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කරන ලද චාරිත්‍රයක කොටසක් බවට සැක කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඝාතනයට ලක්වූ මෙම කාන්තාවන්ගේ බවට සැක කෙරෙන මිනිස් අස්ථි කොටස් අඟහරුවාදා(11)දින පතනම්තිත්ත දිස්ත්‍රික්කයේ ඝාතකයෙකුගේ නිවසක් අසලින් ගොඩ ගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වළෙන් ගොඩගත් විකෘති වූ සිරුරු කොටස් හඳුනාගැනීමට එම කාන්තාවන්ගේ පවුල්වල සාමාජිකයන් අපොහොසත් වීමත් සමග අස්ථි කොටස්වල DNA සාම්පල පරීක්‍ෂණ සඳහා යවා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පද්මම් සහ රොසිලි යන කාන්තාවන් බව එරට පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

ඝාතනයට ලක්වූ 57 හැවිරිදි පද්මම් ධර්මපුරම් දිස්ත්‍රික්කයෙන් පැමිණ කොචිහි ජීවත් වූ අතර ඝාතනයට ලක්වූ අනෙක් කාන්තාව වන 49 හැවිරිදි රොසිලි ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ සිට කාලඩි චන්ද්‍රිකා නගරයේ ජීවත්වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

Related posts

සියලු අසත්‍ය, අසභ්‍ය ප්‍රචාර සහ අභියෝග පරදමින් ඩොනල්ඩ් ට්‍රප්ම් ජයගත් රහස මෙන්න

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධය ඇවිළේ.. බුර්කාව ගලවා කාන්තාවකට පහර දීලා !

colombotoday

රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරයි

Admin

“100% ක් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” – ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

colombotoday

අක්‍රිය වූ චන්ද්‍රිකාවක් කඩාගෙන වැටේ

Admin

බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දියේ ගිලී මිය යයි

Admin