Colombo Today Local News

දරුවන් පලිහක් ලෙස පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්

දරුවන් පලිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අද (12)දින ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය.

Related posts

අය වැයෙන් වෙන්කල මුදල් මැතිවරණ කොමිසමට නොදීමට එරෙහිව පෙත්සමක්

Admin

ආණ්ඩුවේ සහයට ගෝලීය ද්‍රවිඩ සංසදයත් එයි. දේශීය යාන්ත්‍රණයට කාගේත් සහය ඉල්ලයි.

colombotoday

ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේදී නිරූපිකාවකට 15000 ගාණේ ගෙවලා

Admin

ඇල්ලේ ගුණවංශ හිමියන් ඝාතන තැතක් !!

colombotoday

ඉස්ලාම් පෙළ පොත් ආපසු කැදවයි

colombotoday

පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන කථානායක ගෙන් විනය පරීක්ෂණයක්

colombotoday