Colombo Today Local News

ඇතුල්කෝට්ටේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් ගිනිබත් වෙයි

මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් තුළ අද (11) අලුයම ඇතිවූ ගින්නකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

ගින්නෙන් මිය ගොස් ඇත්තේ ලක්ෂ්මන් සරත් කුමාර නමැති 63 හැවිරිදි පුද්ගලයෙකි.

ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේ දී එම පුද්ගලයා එම වෙළෙඳසැලේ සොල්දරය මත නින්දේ පසු වී ඇති අතර ගින්නෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ වෙළෙඳසැල්වල කුලී වැඩ කරමින් සිටි අයෙක් බවත් අසනීප තත්ත්වයෙන් පසුවන ඔහුට වෙළෙඳසලේහිමියා නවාතැන් පහසුකම් දී තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.

ගින්න ඇති වීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිත ලෙස අනාවරණය වී නැතැයි ඇතැයි පොලීසිය පවසයි.

ගින්නෙන් වෙළෙඳසැලට වූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැති අතර, වෙළෙඳසැල සම්පූර්ණයෙන් ගිනිබත් වී තිබේ.

ගින්න ඇති වීම සමග වහා ක්‍රියාත්මක වූ කෝට්ටේ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ විදුලිය විසන්ධි කිරීමට ද පියවර ගෙන ඇති අතර, නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.

Related posts

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

colombotoday

Video: උපවාසයේ නියුතු හිමිවරු වෙනුවෙන් ඥානසාර හිමි සටනට – මහියංගනය උණුසුම්

colombotoday

රාජිත නිදොස්කොට නිදහස්

Admin

යන්තන් ඉන්ධන නැවක් නිදහස් කර ගනී

colombotoday

චමුදිතට එල්ලවූ අසූචි ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි.

colombotoday

පරිසර රාජ්‍ය ඇමති අත්අඩංගුවට ගැනීමට නියෝග !

colombotoday