Colombo Today Local News

“මම ජනාධිපති වුණ හැටි රහසක් නෙමෙයි.”

ජනාධිපති ධූරයට පත්වීම සඳහා තමන්ට ආණ්ඩු පක්ෂයේ සහයෝගය සේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහාය හිමිවීම රහසක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පටු දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාවාදීව ක්‍රියා කිරීමට තමන් අපේක්ෂා කරන පසුබිමක විපක්ෂය තවදුරටත් පාර්ලිමේන්තු ජාතික සභාව සහ අධීක්ෂණ කමිටු වෙත ඔවුන්ගේ මැදිහත්වීම සිදුකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

“පාර්ලිමේන්තුව ඇතුළේ පක්ෂ ක්‍රමයෙන් එක එක කණ්ඩායම් බිහිවෙලා තියෙනවා. මම ජනාධිපති වුණේ විශේෂයෙන්ම ඒක රහසක් නෙමෙයි. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. සුළුතරයක් වෙනත් අපේක්ෂකයන්ට ඡන්දේ දෙන්න ගියා. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. ඒ වගේම මට විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඡන්දේ දුන්නා. සජබයේත් ද්‍රවිඩ පක්ෂවලත් මන්ත්‍රීවරු මට ඡන්දේ දුන්නා. ඒ නිසා දෙපැත්තෙන්ම ඒ ඡන්දේ ලැබුණා. මමත් බලන්නේ අපේ මේ පටු පක්ෂ භේදයෙන් තොරව ජනතාවට උවමනා කරුණු මොකද්ද කියලා පෙන්නලා දෙන්න. ඒ අනුව ක්‍රියා කරන්න. දැනට පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් ඇති කළා පක්ෂයේ ඉල්ලීම අනුව. අනෙක් සභාත් පාර්ලිමේන්තුවේ ඇති කරලා තියෙනවා. අධීක්ෂණ කොමිසම් ඒත් තාම මේවා පුරවන්න බැරිවෙලා තියෙනවා. සමහරු ජාතික සභාවට එනවා. අනෙක් අය එන්නේ නෑ. රට බලාපොරොත්තු වෙන්නේ සියලුදෙනා එකතුවෙලා වැඩ කරයි කියලා.”

වෘත්තීයවේදීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි?

colombotoday

කංසා තහනම ඉක්මනින් ඉවත් කලයුතුයි! දේශීය වෛද්‍ය සංගමය දැඩිව කියයි.

colombotoday

FCID නිලධාරීන්ට නාමල්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

colombotoday

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

colombotoday

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට

colombotoday