Colombo Today Local News

දයාසිරි කල චෝදනා වලට එරෙහිව CEYPETCO නීති මගට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඉන්ධන ආනයනය කිරීම පිළිබඳව ඊයේ (ඔක්. 5) පැවති මාධ්‍යහමුවකදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සිදු කළ ප්‍රකාශය සහ සියලු කරුණු අසත්‍ය, පදනම් විරහිත මෙන් ම සිතාමතා ජනතාව තුළ වෛරයක් ඇති කිරීමට කළ ප්‍රකාශයක් බව පවසයි.

එලෙස ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තරයේ ප්‍රතික්ෂේක කරන බව එහි සඳහන් කර ඇත.

සංස්ථාව ඉන්ධන ආනයනයේදී සැම විට ම ටෙන්ඩර් ක්‍රමය සහ රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන අතර ප්‍රමිතිය තහවුරු කර අවම මිල ගණන් ඔස්සේ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, එලෙස සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බවත් පසුගිය දිනවල සිදු කළ මෙවැනි ම අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව ත් ය.

මෙරටට පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල් ආනයනය කිරීමට ඉදිරිපත් නොවූ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී. නම් පෞද්ගලික සමාගම වර්තමාන අමාත්‍යවරයා පත් වීම ත් සමග මෙරටට තෙල් ගෙන ඒමට කටයුතු කළ බව ත් එම සමාගමට මුල්කාලීනව ලියාපදිංචියක් හෝ නොතිබූ බව ත් ශ්‍රී ල.නි.ප. මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ (ඔක්.5)දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීමෙන් ටෙන්ඩර් ලබා දී තිබූ සමාගම්වල මෙරට නියෝජිතයන් හා ඔවුන් සමග ගනුදෙනු කරන දේශපාලඥයන් ඇමරිකානු ඩොලර් මිලියන සියයකට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇතැයි ඔහු චෝදනා කළේ ය.

Related posts

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

වසරේම රාජ්‍ය වියදමට වඩා මුල් මාස හතරේ ණය අරන්

Admin

නවම් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

අදත් කොළඹින් පිටට ගෑස් සිලින්ඩර් 60,000 ක්

colombotoday

ශ්‍රීලනිප සාමාජිකයින් ඇමති ධූර භාර ගැනීම පක්ෂයේ තීරණයට පටහැනියි – ශ්‍රීලනිප සභාපති

colombotoday