Colombo Today Local News

කුලියට ගෙයක් ඉල්ලා ඇවිත් හිමිකාරියට කණකරත් අහිමි කල එකම පවුලේ හොරු

තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක කාන්තාවක් බිය ගන්වා තුවාල සිදුකර රන් භාණ්ඩ සොරා ගැනීමේ සිදුවීමකට සම්බන්ධ පිරිසක් බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුලී නිවසක් ලබා ගැනීමේ අරමුණින් ඇතුළු වී එහි හිමිකාරියට පිහියක් පෙන්වා බිය ගන්වා තුවාල සිදුකර මෙම මංකොල්ලය සිදුකර ඇත.

සැකකරුවන් තිදෙනකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස් අතර වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් පේරාදෙණිය,පිළිමතලාව සහ දොම්පේ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වේ.

අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳව සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, ඉන් සිවු දෙනකු එකම පවුලේ සාමාජිකයන් බවත් ඔවුන් මීට වසරකට පමණ පෙර මංකොල්ල කෑ නිවසේ කාන්තාවට අයත් හෝටලයක් කුලී පදනම මත ලබාගෙන සිටි බවත්ය.

මොවුන් විසින් කොල්ලකන ලද භාණ්ඩවලින් කොටසක් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලකට විකුණා ඇති බවත් පොලිසිය පවසයි.

තවත් කොටසක් පේරාදණිය ප්‍රදේශයේ ආයතනයකට උකස්කර මුදල් ලබා ගෙන ඇති බවත් විමර්ශනවල දී හෙළි වූ බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

විවාහ, දික්කසාද නීති වෙනස් කිරීම සඳහා කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

ආච්චිගේ හැට හැවිරිදි පෙම්වතා මිනිපිරිය කෙළෙසයි

colombotoday

යහපාලන සංහිදියා බළකායේ ලේකම් පාක්‍යසෝති, හමුදාවට එරෙහිව ජිනීවාහීදි හයිබ්‍රිඩ් ඉල්ලයි

colombotoday

හිරුණිකාට බරපතළ වැඩ සහිතව වසර 3ක සිර දඬුවම්

Admin

දමිතා අබේරත්නට ඇප

colombotoday

සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප යැව්වාට දඩය රුපියල් පන්දාහයි!

Admin