Colombo Today Local News

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

ගම්පහ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ සැකකරු මීට දින කිහිපයකට පෙර ගම්පහ අකරවිට ප්‍රදේශයේදී කාන්තාවකගේ අත් බෑගයක් කොල්ලකා පළා යාමට තැත්කල අවස්ථාවේදී අදාළ කාන්තාවගේ කෑගැසීමත් සමග එම ස්ථානයට පැමිණි පියපුතු දෙපළකටද සැකකරු විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර තිබේ. එම පිහි ප්‍රහාරයෙන් අදාළ පුත්‍රයා මියගොස් ඇති අතර ඔහුගේ පියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඊයේ(29) දිනයේ එම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගොස් ඇති අතර එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට ද මන්නයකින් පහරදී ඇත.

එම අවස්ථාවේදී පොලීසිය එල්ලකළ වෙඩි පහරකින් සැකකරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ජීවිතක්ෂයට පත්ව වූ බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පහළගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Related posts

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

Admin

නොවැම්බර් 03ට කලින් Instagram සහ Facebook ගිණුම් අක්‍රීය කලොත් සකර්බර්ග් ගෙන් ඇ.ඩො 20ක්

colombotoday

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

colombotoday

ලාංකික ධීවරයින් 12ක් සීෂෙල්ස් මුහුදු සීමාවේදී අත්අඩංගුවට

colombotoday