32 C
Colombo
6 April 2025
World

මහින්දත් එක්ක යාවියෑයි බියෙන්, නැවත වරක් පුංචි ඡන්ද අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැදවයි

434480242slfp-640x358

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයන් තෝරාගැනීමට නැවත වරක් අයදුම්පත් කැදවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා. ශ්‍රීලනිපය පළාත් පාලන මැතිවරණය සදහා මේ වන විටත් අයදුම්පත් කැදවීම අවසන් කර ඇති අතර ඒ සදහා අයදුම්පත් 14.000කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙන බවද සදහන්.

මෙලෙස අයදුම්පත් යොමුකර තිබෙන පිරිසෙන් වැඩි පරිසක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම නිර්මාණය කරන බව කියන නව පක්ෂයෙන් ඉදිරිපත් වනු ඇතැයි ඇති වී තිබෙන සැකය මත අයදුම්කරුවන් පිරිසක් සූදානම් කර තැබීම සදහා මෙසේ යළිත් වරක් අයදුම්පත් කැදවීමට තීරණය කර ඇති බවද වාර්තාවෙයි.

මේ අනුව ලබන සතියේ ප්‍රසිද්ධ පුවත්පත් හරහා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හරහා මෙම අයදුම්පත් කැඳවීමට සැලසුම් කර තිබේ. දැනට අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන යම් පිරිසක් පොදු විපක්ෂය සමග එක්ව කටයුතු කිරීම සහ වෙනත් පක්ෂයක් සකස් කිරීමට කටයුතු කළ බවට චෝදනා කර විනය පරීක්ෂණවලට ලක්කර සිටින පිරිස් වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් අර්බුදයකට ලක්ව තිබෙන බව වාර්තා වේ.

ඉදිරි මැතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී ගැටලුවක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන පිරිස් වැඩි වැඩියෙන් එකතු කරගැනීමටද පක්ෂය තීරණය කර තිබේ.

Related posts

සුප්‍රකට පොප් ගායිකා Coco Lee මියයයි

Admin

ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන්න අගමැතිගෙන් නියෝගයක්!

colombotoday

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

Admin

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

Admin

ආජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

colombotoday