Colombo Today Local News

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

වාද්දුවේ පදිංචි පොලිස් අධිකාරී වරයෙකුගේ නිවසට අද (27) අලුයම සොරෙකු ඇතුල්වී එහි තිබූ රන් ආභරණ සහ මුදල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව වාද්දූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වාද්දුව, මොල්ලිගොඩ පිරිවෙන පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තාප්පයෙන් පැන ඉදිරිපස ජනේලයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු නිවසෙහි අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රන් මුදුවක් සහ රුපියල් 33000 ක පමණ මුදලක් සොරකම් කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.

සොරකම සිදුවන අවස්ථාවේ පොලිස් අධිකාරීවරයාගේ බිරිඳ, දියණිය සහ ඇයගේ දරුවා නිවසේ රැඳී සිට ඇතැයිද සදහන් වේ.

අදාල පොලිස් අධිකාරීවරයා පසුගිය කාලසීමාවේ පානදුර කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී ලෙසින් රාජකාරි කල අතර, දැනට මාතර ප්‍රදේශයේ පොලිස් අධිකාරි තනතුරක් දරන බව සදහන් වේ.

පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ සිදුකරති.

Related posts

“විල්පත්තු සංහාරයට මාත් විරුද්ධයි” රිෂාඩ් බදුර්දීන් පරිසර හිතකාමීන්ව ඔලුවෙන් හිටගස්සවයි

colombotoday

දෙදෙනෙකුට ඇණ ගැසූ කට්ටඩියා කූඩුවට

colombotoday

කුවේටයේදී අතුරුදන්වූ ගෘහ සේවිකාවගේ සිරුර වසරකට පසු අධි ශිතකරණයක තිබී සොයාගනී

colombotoday

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදනය නිකුත් කරයි

colombotoday

ට්‍රම්ප් සමග සාකච්ඡා මගහැර, යුද අපරාධ චෝදනා ක්‍රියාත්මක කරන්න කල් ඉල්ලයි

colombotoday

ජාතික ආරක්ෂාව බිල්ලට දෙන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ !

colombotoday