Colombo Today Local News

වල්පොළ නිවාස තුනකට අලාභ හානි කල අයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

රාගම වල්පොල දේශයේ නිවාස තුනකට කඩුවලින් සහ මන්නා පිහිවලින් පහරදී අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්බෝම්බයක් ද සමග අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මහබාගේ ප්‍රදේශයේ දී ඊයේ (25)දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ඉකුත් වූ (20) දින රාත්‍රියේ මෙම නිවාසවලට පහර දී ඇති බව පොලිසිය පවසයි.

සැකකරු රාගම මගුල් පොකුණ ප්‍රදේශයේ පදිංචි (36) පුද්ගලයකු වන අතර මොහු පුද්ගලයන්ට වෙඩි තබා ඝාතනය කිරීම,කාපා කොටා ඝාතනය කිරීම, වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, සහ පොලිස් නිලධාරීන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇති පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

Related posts

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයේදී අක්‍රමිකතා නවතන්න නව බලපත්‍ර ක්‍රමවේදයක්…

Admin

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

colombotoday

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

ආණ්ඩුව සෑම දවසක් ගානේ රුපියල් මිලියන 3390 ක් ලෝකෙට ණය වෙයි..! අලුත්ම වාර්තාව මෙන්න

colombotoday

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනපති කොමිසමක්….

colombotoday

ලංගම බස් රථවල ටිකට් ගන්න අලුත් ක්‍රමයක්

Admin