Colombo Today Local Newsfeatured

මුස්ලිම් අන්තවාදීන්ගේ සහ දේශපාලකයන්ගේ කනට ගසමින් සෞධිය ඥානසාර හිමිගේ මතවාදය පිළිගනියි.

බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යනු, ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් සහ ඉස්ලාම් විරෝධී දරුණුතම පුද්ගලයා බවට මේරට ජීවත් වන මුස්ලිම් අන්තවාදීන් සහ අවස්ථාවාදී දේශපාලකයන් හැඳින්වූවද සෞධි අරාබියානු රජය උන්වහන්සේගේ මතවාදය පිළිගනිමින්, ශ්‍රී ලංකාවේ සෞධි අරාබියානු තානාපතිවරයා විසින් සෞධි ජාතික දින සැමරුමට විශේෂ ආරාධනාවක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඊයේ කොළඹ පැවති එම උත්සවයට උන්වහන්සේ සහබාගී වී ඇති අතර ඒ පිළිබඳව මුස්ලිම් අන්තවාදීන් දැඩි නොසන්සුන්තාවයකට පත්වී ඇති බවද සඳහන්.

මේ අතර මුස්ලිම් දේශපාලකයන් මීට ඉහතදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් සිදුවන හිරිහැර යැයි සඳහන් කරමින් අතවිශාල ආධාර මුදල් සෞධි අරාබියාවෙන් ලබා ගත්තද මින් ඉදිරියට එයද නවතිනු ඇති බව වාර්තා වෙයි.

කලක් වහබ්වාදය පෝෂණය කල සෞධි අරාබියාව, දැන් ඔටුන්න හිමි සල්මාන් කුමරු යටතේ වහබ්වාදයෙන් ඉවත්වෙමින් සිටින අතර එරට තුල විශාල වෙනස්කම් සිදුකර ඇත.

Related posts

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16කට “සායනික මහාචාර්ය” පදවි

colombotoday

ඒකාබද්ධයේ හයකට ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ

colombotoday

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්න

colombotoday

හතුරුසිංහ ඉවතට…

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

colombotoday