Colombo Today Local News

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් නිදහස ජනතා සභාවට එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වන පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයාව සිටි විජිත හේරත් මහතා ඉන් ඉවත්ව නිදහස ජනතා සභාව හා එක්ව තිබේ.

විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ විදුලි බලමණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැරූ සියලු වගකීම්වලින් ඉවත්ව, නාවල පිහිටි නිදහස ජාතික සභා කාර්යාලයට පැමිණ නිදහස ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් එහි සාමාජිකත්වය ලබාගත්තේය.

නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහ්ප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, මහාචාර්ය ගුණපාල රත්නසේකර, නීතීඥ උදයන කිරිදිගොඩ, ලලිත් එල්ලාවල, වෛද්‍ය තිලක් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

බොදු බලේ තහනම් කිරීම අනවශ්‍යයි. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. | කොමිසමේ නිර්දේශයට කාදිනල් තුමාත් එරෙහි වෙයි.

colombotoday

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday

පල්ලෙකැලේ රැඳවියෙක් පලා යයි

Admin

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

colombotoday

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

colombotoday

මුස්ලිම් ආගමික අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා ලැබූ මුස්ලිම් ජාතිකයන් 200 ක් රට තුළ !

colombotoday