Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට අදාළ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට ටොම් මූඩි එකඟත්වය පළ කළ බවට ක්‍රිකට් ආයතනය පවසයි.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියා ජාතික ටොම් මූඩි මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව තවදුරටත් ඔහුගේ සේවය අවශ්‍ය නොවන බවට තීරණය වී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශයක් මත 2021 වසරේ මාර්තු 01 වැනිදා සිට වසර 3 ක කාලයකට ටොම් මූඩි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුරට පත් කෙරිණි.

ටොම් මූඩි මහතාගේ කාර්යභාරය අතරට ඉදිරි තරග සංචාර සැලසුම් කිරීම, දේශීය තරග ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කිරීම, ක්‍රීඩක සුබසාධනය සහ අධ්‍යාපනය ද ඇතුළත් බවට එම පත්වීම සිදු කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

Related posts

දයාසිරිට කිවුව රිලා කතාවට මාලිංගට තවමත් කැපිලි

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday

නිරෝධායන ක්‍රියාවලිය නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් යයි

colombotoday

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

colombotoday

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

Admin

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday