Colombo Today Local News

තෙල් වංචාව ගැන මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇතැයි කියන ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සදහා මෙම පැමිණිල්ල සිදු කළ බව රේණුක පෙරේරා මහතා පවසයි.

මෙම වංචාව 2019- වසෙර් අගභාගයේ සිට 2021 දක්වා කාලය තුළ සිදුකර ඇති බරපතල වංචාව බවත්,මේ සම්බන්ධයෙන් සැකකරුවන්ට විණයණුකූල ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටි.

එහිදි ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස අලෙවි කර ඇති බව ඔහු සඳහන් කරයි.

Related posts

සමන් පෙරේරා රෝයල් බීච් සමන් උනහැටි – මිනීමැරුම් චෝදනචෝදනවලට මොකද උනේ? කවුරුත් නොදන්නා කතාව.

colombotoday

අමරදේවයන්ගේ දේහයට නිදහස් චතුරස්‍රයේදී හරසර

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල පහතට

colombotoday

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

colombotoday