Colombo Today Local News

මිලියන 130ක කේරළ ගංජා සමග 10ක් අත්අඩංගුවට… ඉන්දීය ජාතිකයින් 05කුත් ඒ අතර

කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 ක් සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පුත්තලම, කුදිර‍මලේතුඩුවට බටහිර දෙසින් මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අතර ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකු ද වේ.

කේරළ ගංජාවල වටිනාකම රුපියල් මිලියන 130 කි.

ගංජා ප්‍රවාහනය සඳහා යොදා ගත් ඩව් යාත්‍රාවක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

එම යාත්‍රාවෙන් රැගෙන ආ කේරළ ගංජා තොගය මුහුදේදී හුවමාරු කර මෙරටට රැගෙන ඒම සඳහා පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

Related posts

ආරක්ෂාව තහවුරුයි.. සිංහල සිසුන් යාපනේ නොයනවානම් පොලීසියට කරන්න දෙයක් නෑ – පොලිස්පති

colombotoday

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

colombotoday

වැඩි කැමැත්ත අකිලට ලු !

colombotoday

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday

වැට් බද්දට සංශෝධනයක්.. පුංචි සහනයක් දෙන්න තීරණය වෙයි

colombotoday