Colombo Today Local News

නාමල් රාජපක්ෂට එරෙහි මනි ලොන්ඩරිං නඩුවක් වැඩිදුර විභාගයට දින නියම වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 8 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව අද (14)දින කොළඹ මහ අධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිට ලෙස ද විනිසුරුවරයා නියෝග කර ඇත.

එහිදී නඩුවේ තුන්වන විත්තිකාරිය ලෙස නම් කර සිටින සුජානී බොගොල්ලාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගෙන ඇති විනිසුරුවරයා ඇයට සැප්තැම්බර් මස 20 වන දා සිට 25 වන දා දක්වා කාලය තුළ බංගලාදේශයේ සංචාරය කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

එම නියෝගය නිකුත් කරමින් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා නොමැති බව ය.

එබැවින් ඔවුන්ට අධිකරණය දැනුවත් කර විදේශගත වීම සඳහා බාධාවක් නොමැති බව විනිසුරුවරයා සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් 2013 ඔක්තෝබර් මස 1 සිට 2014 අගෝස්තු 31 අතර කාලයේදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව අදාළ නඩුව මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

එහි විත්තිකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ගවර්ස් කෝපරේට් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරනායක යන අය නීතිපතිවරයා විසින් නම් කරනු ලැබ තිබිණි.

Related posts

පුරාවිද්‍ය උපදේශන සභාවේ 40වසරක් දැරූ තනතුරෙන් එල්ලාවල මේධානන්ද හිමියන් ඉවත් කරයි !

colombotoday

කටුනායක ගුවන්තොටේ ඉඩම් බදු දෙයි.. කොටසක් සිංගප්පූරුවට.. කොටසක් මැලේසියාවට

colombotoday

මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ නාමල් රාජපක්ෂට එරෙහිව විදෙස් ගමන් තහනමක්

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

Admin

අසාද් සාලි වන්දි ඉල්ලු පෙත්සම විසි වෙයි

colombotoday

දික්වැල්ලේ වෙඩි තැබීමකින් සර්ෆ් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට

colombotoday