Colombo Today Local News

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පුද්ගල ඝාතනයකට අදාළව මරණීය දණ්ඩනය නියමව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කෙරුණේ, පසුගිය 2022 වසරේ මාර්තු 31 වනදායි.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ, පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය නියමකළ මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

විත්තිකරුවන් ගිනිඅවි අතැතිව සිටි බවට හෝ වෙඩි තැබීමක් සිදුකළ බවට රත්නපුර මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවෙන් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර නොමැති බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය විත්තිකරුවන් ඔවුන්ට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේ ය.

රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී 2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය මගින් 2020 ජූලි 31වැනිදා මරණීය දණ්ඩනය නියම කර තිබිණ.

විත්තිකරුවන් මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබුණේ, එකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලමිනි.

තව ද තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි පෙන්වා දී ඇති ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තමන්ම එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.

Related posts

මිනිසුන් රවටා දියවන්නාවට යනවා. කාල බීල තමන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් විතරක් සැලසුම් කරනවා – මාතලේ රේවත හිමි

Admin

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday

විජයකලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට සහ අගමැතිට බාර දෙයි

colombotoday

නව ව්‍යවස්ථාවක මුලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥ කමිටුවක්

colombotoday

ඉන්දන මිල යලි ඉහලට – බස් ගාස්තු ඉහල දැමීමටත් අනුමැතිය

colombotoday

ශ්‍රී ලංකා පොලීසියට ඉන්දියාවේ ජීප් රථ 750ක් මිලදී ගැනීමට එකගතාවය…

colombotoday