Colombo Today Local News

අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි

තිස්සමහාරාම ජූල් පල්ලම පාලම අසල දී පොලිස් අණ නොතකා කතරගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසිය වෙඩි තබා ඇත.

වෙඩිතැබීමෙන් තුවාල ලද පුද්ගලයා මේ වනවිට දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවත් මෙම වෙඩි තැබීමෙන් තිස්සමහාරාම බෝගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි තරුණයකු තුවාල ලබා ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.

ත්‍රීරෝද රථය පැදවූ එම පුද්ගලයාට රියදුරු බලපත්‍ර නොමැති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර ඔහු සමග ත්‍රිරෝද රථයේ ගමන් ගත් එම පුද්ගලයාගේ පියා එම අවස්ථාවේ බීමතින් සිටි බවට ද තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ පිළිබඳව තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයා ගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කළේ ඔහුට ත්‍රිරෝද රථය නතර කිරීමට ඔහුට සංඥා නොකළ බවයි.

ජුල් පල්ලම ප්‍රදේශයෙන් මිතුරෙකුගේ නිවසට ගොස් එමින් සිටි අතරතුර මෙම වෙඩි තැබීම සිදුකළ බව ඔහු කීය.

Related posts

‘උතුරට වෙනම ප්‍රාන්ත පොලිසියක් සමග දෙමළ SSP, ASP ලා ඕනෑ…‘ – විග්නේශ්වරන්

colombotoday

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

රංජන් ජයලාල්ට බෝනස් නැතිවෙන ලකුණු

Admin

කොරෝනා රෝගීන් ගණන 1540ක් දක්වා ඉහළට

colombotoday

කතක් නිවස තුළ මරා දාලා…

Admin

විමල්-උදය අයින් කළහම තුන්වැනියා ඉබේම යයි කියලා හිතුවා

colombotoday