Colombo Today Local News

සඟවා ඇති ගිනි අවි ගැන ඔත්තු දුන්නොත් මුදල් තෑගි

සඟවා ඇති ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග පිරිනැමීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ති‍බේ.

අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ, ලබා දෙන මුදල් ත්‍යාගවල වටිනාකම් ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි.

බස්නාහිර හා දකුණු පළාත ආශ්‍රිතව සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි, පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් දී ඇති බව ද ඔහු පැවසීය.

ලේකම්වරයා පැවසුවේ, ආයුද සන්නද්ධ නිලධාරීන් හා විශේෂ පොලිස් රථ ඒ සඳහා යොදා ගැනීමට ද පියවර ගෙන ඇති බවයි.

විදෙස්ගත පාතාල කල්ලි සාමාජිකයින් විසින් මෙම ඝාතන ඇතුළු අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පසුගිය දිනවල ඝාතන හා වෙඩි තැබීම්වලට ‍යොදා ගත් ගිනි අවි කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

Related posts

කොළඹට මහා ජන ගගක්… ආණ්ඩුව ගෙදර යන තුරු නොනවතින අරගළය ඇරඹෙයි..

colombotoday

ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය පෙබරවාරිය තෙක් දිගුවෙයි

colombotoday

අවස්ථානුකූලව නියෝග පැනවීමට සෞඛ්‍ය අධ්‍යක්ෂකට බලය ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

දිවයින පුරා ගෑස් බෙදා හැරීම අද

colombotoday

හිස්බුල්ලා වහාම ඉවත් කරන්න – පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සත්‍යග්‍රහයක

colombotoday

මම ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්‌, ඒ ගැන හිතලා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්

colombotoday