Colombo Today Sports News

ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව විසිවෙයි – ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට…

පකිස්ථාන කණ්ඩායම 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, සුපිරි සිව්දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගනිමිනි.

සාජාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 129 කි.

ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 35 යි.

ලකුණු 130 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 2 ක ලකුණු 18 කදී බිඳ වැටුණි.

ශඩාබ් ඛාන් ලකුණු 36යි.

ෆසාල්හක් ෆාරුකි සහ ෆරීඩ් අහමඩ් කඩුලු 3 බැගින් දවා ගත්තේ ය.

කෙසේ නමුත් පන්දු 4 කින් ලකුණු 14 ක් රැස් කළ නසීම් ශා පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරගය අවසන් වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදීය.

ඒ වනවිට පකිස්ථාන කඩුලු 9ක් බිඳ වැටී තිබුණි.

එම ජයග්‍රහණයත් සමග සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගත් පකිස්ථානය ලබන 11 වැනි දා ඩුබායිහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගත්තේ ය.

ඒ අනුව, ඇෆ්ගනිස්ථානයට සහ ඉන්දියාවට තරගාවලි⁣යෙන් ඉවත්වීමට සිදුවිය.

Related posts

ලංකාවේ තරග සංචාරයට ආ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

colombotoday

ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය අද

Admin

මාලි ගැන විශේෂ තීරණයක් ලබන 21 වනදා

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නැතැයි මුරලිදරන්ගෙන් සහතිකයක්.

colombotoday

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙට ඇරඹේ‍‍

colombotoday

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Admin