Colombo Today Local News

යුද සමයේ ඉන්දියාවට ගිය සරණාගත ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට කමිටුවක්

යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුව ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවියගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ.

ආගමන විගමන පාලක ජනරාල්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් කමිටුව සමන්විත වේ.

යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා “ඊළාම් සරණාගතයින් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානයේ” (OFERR) ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (05)දින පැවැති සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹ ඇත.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 58,000ක් පමණ මේ වන විට සරණාගතයින් ලෙස රැඳී සිටින අතර එම පිරිස අතරින් 3800ක් පමණ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට සූදානමින් සිටින බවත් එහිදී සඳහන් වී තිබේ.

Related posts

ෆෙඩරල් ඕනම නෑ.. උපරිම බලය බෙදුවොත් ඒකීයභාවය අහෝසියි.. අනුනාහිමියෝ අගමැතිගේ මූණටම දෙසති (Video)

colombotoday

මගේ මතය ජනතාව පිළිගන්නවා.. මට ඡන්දෙ දෙන්නේ ඒනිසයි – රාජිත

colombotoday

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

ජීවත් වෙන්න පහසුම රටවල් අතරින් ලංකාව 73 වැනි තැනට.. ඉන්දියාව අපට පහළින් 130

colombotoday

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday