Colombo Today Local News

වෛද්‍ය,හෙද හා ඉන්ජිනේරු විශ්‍රාම යෑම 63න් – මේ වසර අගදී 20,000ක් විශ්‍රාම ගන්වයි

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළ ද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුනේ මහතා සඳහන් කරන්නේ, ඒ අනුව වෛද්‍ය,හෙද හා ඉන්ජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයක් එම සීමාවෙන් ඉවත් කරන බවයි.

එම වෘත්තීන්හී නියැලෙන්නන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට හැකියාව ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයට සංශෝධන ගෙන එන බව ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, සෙසු පිරිස ලබන දෙසැම්බර් මස 31 වැනිදා විශ්‍රම ගැන්වීමට පියවර ගන්නා බවයි.

ඊට අදාළ චක්‍රලේඛය ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

ඒ අනුව විසි දහසකට අධික පිරිසක් මේ වසර අවසානයේදී විශ්‍රාම ගැන්වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

නිව් ඩයමන්ඞ් නෞකාවේ තෙල් විසුරුමක් – නෞකාව වහාම නාවික සැතපුම් 200 ක් දුරට ඉවත් කළ යුතු බවට නීතිපතිගෙන් උපදෙස්

colombotoday

ධීවර නියෝජ්‍ය ඇමති හාල් ප්‍රශ්නය විසදන ආකාරය කියයි

Admin

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් උපරිම ශක්තිය යොදවලා කටයුතු කරනවා – කෝට්ටේ මහානාහිමි

colombotoday

ඉන්දිය මුදල් අමාත්‍යවරිය මෙරට නිල සංචාරයක

Admin

මරාගෙන මැරෙන ඇදුම්, ක්ලේමෝ බෝම්බ, අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනේදී අල්ලයි

colombotoday

“සයිටම් කීයටවත් වහන්නෑ.. ඒකට විරුද්ධ වෙන්න කිසිදු බලවේගයකට හයියක් නෑ“ – කිරිඇල්ල

colombotoday