Colombo Today Local News

ශ්‍රී ලංකාවේ දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UN

ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 3 දෙනෙකු ආහාර අනාරක්ෂිතභාවයෙන් පසුවන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ, මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් ගැබිණි මව්වරුන් හා කිරි දෙන මව්වරුන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

අවුරුදු 05 ට අඩු දරුවන් මෙන්ම දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳින්නන් ද ආර්ථික අර්බුදය හමුවේ දැඩි බලපෑමකට ලක්වන බව එම නිවේදනයේ සඳහන් ය.

ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ වෙනත් මධ්‍ය ආදායම් ලබන රටවලට සාපේක්ෂව ලංකාවේ අවුරුදු 05 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම ඉහළ අගයක් ගන්නා බවයි.

එම වයස් ඛාණ්ඩයේ දරුවන්ගෙන් 17 % ක් වයසට සරිලන වැඩීමක් නොමැති දරුවන් වන අතර තවත් 15% ක් කෘෂ දරුවන් ය.

එම නිවේදනයේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බවයි.

මිලියන 1.5 කට ආසන්න පිරිසකට හදිසි ආහාර ආධාර අවශ්‍යව ඇතැයි ද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ, රටේ ජනගහනයෙන් මිලියන 6.3 කට ආසන්න ජනතාවක් ආහාර අනාරක්ෂිතාව සහ ආධාර අපේක්ෂාවෙන් සිටින බවයි.

Related posts

රටම බලා සිටි තීන්දුව මෙන්න… පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි…

colombotoday

පොලිස්පති පූජිත ‘හොදම රාජ්‍ය සේවකයා‘ සම්මානයෙන් පිදුම් ලබයි !

colombotoday

අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යවලා

colombotoday

හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ පැටලෙයි

colombotoday

ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්

colombotoday

ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට

colombotoday