ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇත.
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට මෙම භූ කම්පනය බලපෑ බව විදෙස් මාධ්‍ය පවසයි.
එය ඊයේ (29)දින එම කලාපයට බලපෑ තෙවන භූ කම්පනය ලෙස සඳහන් වේ.
ඉන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තාවී නොමැති අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශයේ පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරින් කටයුතු කර ඇත.