Colombo Today Local News

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට

මැයි මස 10 වන දා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් තිදෙනා ඊයේ (අගෝ. 29) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 31, 51 හා 52 වයස්වල පසුවන පිටබැද්දර හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

Related posts

‘රාජපක්ෂලා හොරු: කීවාට ඔප්පුකරගන්න බැරිවුණා.. චෝදනා බොරු බවයි පේන්නේ‘ – ඇමති මහින්ද

colombotoday

“ණය ගෙවාගන්න බෑ.. මත්තල ඉන්දියාවට දෙනවා” – ගුවන් සේවා නි.ඇමති

colombotoday

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනම් වැඩපිලිවෙලක්

colombotoday

බදියුදීන් තනි නොකරයි… සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

CID වාර්තාවෙත් තවත් රහස් එළියට… සුජීව කියූ බොරුවත් අතේ පත්තුවෙයි

colombotoday

මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා අවස්ථා

colombotoday