Colombo Today Local News

කෝට්ටේ බළල් අසූචි දැමූ ආහාර වෙළෙඳසැල් තිහක් වටලයි

බළල් අසූචි සහිත මිනිස් පරිභෝජනයට නොසුදුසු ආහාර අලෙවි කරමින් පවත්වාගෙන ගිය වෙළෙඳසැල් තිහක් වටලා අට දෙනෙකුට නඩු පැවරීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අංශය පසුගිය (28) වැනි දා කටයුතු කර තිබේ.

ඒ ප්‍රදේශයේ මහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමේ අරමුණින්, නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් කළ වැටලීමකදීය.

ඒ අනුව රාජගිරියේ පිහිටි ප්‍රසිද්ධ ආහාර අලෙවිසැලක මුළුතැන්ගෙයෙහි බළල් අසූචි තිබෙනු දුටු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එම අවන්හලට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබේ.

අදාල පියවර ගෙන ඇත්තේ, 1980 අංක 26 දරණ ආහාර පනතේ 32 වගන්තිය ප්‍රකාරව සාදන ලද 2011 ආහාර ස්වස්ථතා නියෝග කඩ කිරීම යටතේය.

මෙම වැටලීම යටතේ දී අදාල පනත උල්ලංගණය කිරීමේ චෝදනාව ලද සැකකරුවන් අට දෙනා කොළඹ අලුත්කඩේ සහ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව වරදේ ස්වභාවය මත රුපියල් පන්දහස, දහදහස සහ පහළොස් දහස වන පරිදි රුපියල් 82,500 ක දඩ මුදලක් වෙන් වෙන් වශයෙන් ඔවුන්ට නියම කර ඇත.

මේ අතර මෙම වැටලීමේ දී ඇතැම් වෙළෙඳ සැල්වල පිසූ ආහාර සමඟ මස් මාළු ශීතකරණවල ගබඩා කිරීම, මැසි මදුරුවන්ට වැසිය හැකි ආකාරයට වෙළෙඳසැල්වල ආහාර නිරාවරණය කර තිබෙනු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.

Related posts

පරාජිත අපේක්ෂකයෙකු ඩෝසර් අරං රක්ෂිතයට පැනලා. | ආධාර කරුවන් සහ යන්ත්‍රෝපකරණ අත් අඩංගුවට

colombotoday

පොදු සමා කාලය තුළ 14,000 ක් හමුදාව හැර ගිහින් !

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික අපි විරුද්ධයි – වී. රාධාක්‍රිෂ්ණන්

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක් නොවුවන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ජනපතිවරණයට දින 55 යි. ගැසට් නිවේදනය මෙම මස අගදී

colombotoday

මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

colombotoday