World

තායිවානය අය වැයෙන් ආරක්ෂක වියදම් 14%කින් ඉහළ දමයි

තායිවානය, 2023 වසර සඳහා වන අය වැයෙන් ආරක්ෂක වියදම් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 19.4 ක වාර්තාගත මුදලක් වෙන් කර තිබේ.

එය පෙර වසරවල ආරක්ෂක වියදම්වලට සාපේක්ෂව 14%ක වැඩිවීමකි.

ප්‍රහාරක ජෙට් යානා, මිසයිල ඇතුළු යුද උපකරණ මිලදී ගැනීම සඳහා වන මුදල් ද ඊට ඇතුළත් වේ.

මේ අතර චීනයෙන් එල්ලවන තර්ජන මධ්‍යයේ අමෙරිකානු සෙනට් සභික මාෂා බ්ලැක්බර්න් නිල සංචාරයක් සඳහා තායිවානයට පැමිණ ඇත.

තුන්දින සංචාරය තුළදී ඇය තායිවාන ජනාධිපති ඇතුළු බලධාරීන් හමුවී ආරක්ෂාව, ආර්ථිකය ඇතුළු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

අමෙරිකානු කතානායක නැන්සි පෙලොසිගේ තායිවාන සංචාරයත් සමග චීනය, තායිවාන සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාස ආරම්භ කළේ ය.

Related posts

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයට

Admin

රෝගියෙකුගේ වැරදි කකුල කපා වෙන්කළ වෛද්‍යවරියෙකුට දඩ

colombotoday

ට්‍රම්ප්ගේ නියෝගයෙන් පසු.. ටෙක්සාස් හී මුස්ලිම් පල්ලියක් ගිනිබත් වේ (Video)

colombotoday

ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

colombotoday

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

අකුණුසැර වැදී ඉන්දියාවේ 60ක් මරු දකී

colombotoday