Colombo Today Local News

නගරබද විහාරස්ථාන වලින් ලංවිමට මිලියන 29ක් පොලු – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෙළිදරව්වක්

ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 29 ක මුදලක් මෙරට විහාරස්ථානවලින් අයවීමට තිබෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියා සිටී.

එලෙස මුදල් නොගෙවා ඇති සියලුම විහාරස්ථාන නගරබදව පිහිටි කිසිදු මූල්‍යමය ගැටලුවක් නැති විහාරස්ථාන බවත් එක් විහාරස්ථානයකින් රුපියල් මිලියන 3 ක පමණ විදුලි ගාස්තුවක් මණ්ඩලයට අය වීමට තිබෙන බවත් මෙම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පෙන්වා දෙයි.

පසුගිය වසරේ (2021)දී මෙම මුදල අය කරගැනීමට තිබුණ ද තවමත් එම මුදල් ලැබී නොමැති බවත් ඉතාමත් ආර්ථික ගැටලු මැද පවතින පහසුකම් අඩු ගම්බද විහාරස්ථානවලින් නියමිත දිනට විදුලි බිල ගෙවන බව ඔහු පවසයි.

විදුලි බිල ගෙවා නොමැති බැවින් එම විහාරස්ථානවල විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන විට එම විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා දේශපාලන සම්බන්ධතා මාර්ගයෙන් ඒ පිළිබඳව විදුලි බල මණ්ඩලයට දන්වා එම ගෙවීමේ කටයුතුවලින් නිදහස් වන බව සභාපතිවරයා කියයි.

මණ්ඩලයේ වගකිව යුතු නිලධාරීන් එවිට එම මුදල් අය කරගැනීම පසෙක දමා තවදුරටත් එම ස්ථානවලට විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව හෙතම පවසයි. විදුලි බල මණ්ඩලය පාඩු ලබමින් සිටින තත්ත්වයක මෙම විදුලි බිල් අයකර ගැනීමට උනන්දුවක් නොදැක්වූව ද ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා අවසානයේ වැය වන්නේ ද ජනතාවගේම මුදල් බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ඉතියෝපියාව වගේ ජනතාව සීයට 80ක් ලෙඩ වෙන්න යනවා. යහපාලනය බොරු බයිලා ගහනවා. ක්‍රිෂාන් රමසුන්දරම්

colombotoday

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

රංගන ශිල්පීනී දීපානි සිල්වා අත්අඩංගුවට

colombotoday

වරායේ රැකියා දෙන බවට වංචා කළ හිටපු පොලිස් කොස්තාපල් වත්තලදී අත්අඩංගුවට

colombotoday

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

Admin