Colombo Today Local News

පාකිස්ථානු JF 17 වෙනුවට ඉන්දියාවේ “තේජස්“ට ලංකාවේ හිත ගිහින් – ඉන්දීය මාධ්‍ය කියයි

india tejas 115

පාකිස්ථානයේ තන්ඩර් 17 ප්‍රහාරක ගුවන් යාන මිලට ගැනීම වෙනුවට ඉන්දියානු නිෂ්පාදනයක් වන ‘තේජස්‘ ප්‍රහාරක යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජයේ උනන්දුවක් ඇතිවී ඇතැයි ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව සදහා පාකිස්ථානයේ නිෂ්පාදිත JF -17 ප්‍රහාරක ජෙට් යානා මිලදි ගැනීමට සැලසුම් කර තිබුණත් ඉන්දීය රජයේ බලපෑම නිසා ශ්‍රී ලංකා රජය එම ගනුදෙනුව අවලංගු කළ බව ප්‍රමුඛ පෙළේ ඉන්දීය මාධ්‍ය ආයතන මීට පෙර වාර්තා කර තිබිනි.

චීන තාක්ෂණය උපයෝගී කරගෙන පාකිස්ථානය නිපදවූ JF -17 ප්‍රහාරක යානය ඉහළ කාර්යක්ෂමතාවයකින් යතු බවට පිළිගැනීමට ලක්ව ඇති අතර එයට තරගකාරී ලෙස ඉන්දියාව විසින් Tejas Light Combat Aircraft (LCA) යානාව නිපදවීය.

පාකිස්ථාන් ජෙට් යානා වෙනුවට තම යානා මිලදී ගන්නා ලෙස ඉන්දීය රජය ලංකාවට දන්වා ඇති බවත් ප්‍රමිතියෙන් ඉතාමත් බාල තත්වයේ ඉන්දීය තේජස් යානා මිලදී ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදා බලධාරීන් ප්‍රතික්ශේප කර ඇති බවද මීට පෙර මාධ්‍ය වාර්තා පළවිය.

Related posts

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවෙයි

colombotoday

සංචරණ නීති කඩකළ තවත් 7දෙනෙකු අත්අඩංගුවට

colombotoday

Breaking News : ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

colombotoday

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin

රෝහල් ශීඝ්‍රයෙන් පිරී යමින් පවති – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

colombotoday